23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅවාරේ සිරිපා කරුණාව සීමා කෙරේ

අවාරේ සිරිපා කරුණාව සීමා කෙරේ

අවාරේ ශ්‍රී පාදය වන්දනා කිරීම සීමා කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (18) රැස්වූ ශ්‍රී පාද වන්දනා සංවිධාන කමිටුව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ත්‍රාසය හා වීරත්වය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඇතැම් පුද්ගලයින් අවාරය තුළ ශ්‍රී පාදය තරණය සදහා පෙළඹවී ඇති බවත් මේ අවාරයේ ශ්‍රී පාද කරුණාව කිරීම නිසා ගැටළු රැසක් පැන නැගී ඇති බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පැවසුවේ ශ්‍රී පාද වන්දනා වාරය සමයේ පරිසරය ඊට උචිත ලෙස පවතින බවත් අවාර සමයේදී වැසි, සුළං වැනි ශ්‍රී පාදස්ථානයට ප්‍රවේශ වීමට උචිත පරිසර තත්වයක් නොවීම මෙලෙස වාර සහ ආවාර ලෙස නම් කිරීමට හේතු වී ඇති බවත්ය.

යම්කිසි රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, විදේශ සංචාරකයන් සහ වෙනත් පුරාණ සිරිත් විරිත්වලට යටත්ව ඇති භාර හාර ආදිය සදහා වන්දනා කටයුතුවල නිරත වන්නට අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බවයි උන්වහන්සේ එහිදී අවධාරණය කළේ.