27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅහුන්ගල්ල මරණයේ සැකකරුවන් සොයා පොලිස් නිල සුනඛයා හමුදා කඳවුරට

අහුන්ගල්ල මරණයේ සැකකරුවන් සොයා පොලිස් නිල සුනඛයා හමුදා කඳවුරට

අහුන්ගල්ල – මිද්දරමුල්ල ප්‍රදේශයේ පසුගියදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පරීක්ෂණවලට අදාළව විමර්ශනවලට සහය දක්වන පොලිස් නිල සුනඛයෙකු කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුර තුළට ඇතුලුවීම හේතුවෙන් ඇතිවූ සැකය මත එදින රාජකාරියේ නිරතව සිටි සෙබළුන් 36 දෙනෙකුට අයත් ටී 56 ගිනි අවි පොලිස් භාරයට ගෙන තිබේ.

ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියද යුද හමුදා බුද්ධි ඒකකය අසළ කුරුඳු ඉඩමක දමා ගොස් තිබියදී පොලිසිය සොයාගත් අතර ඒ අනුවයි නිල සුනඛයන් යොදවා පරීක්ෂණ සිදුකර ඇත්තේ.

එම අවස්ථාවේ නිල සුනඛයා දෙවරක්ම කඳවුර තුළට ගොස් ඇති අතර ඒ අනුව විමර්ශන කටයුතු පුළුල් කර තිබේ. එම ගිනි අවි ඉදිරියේදී රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.