31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් පොලිස් දැලේ

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් පොලිස් දැලේ

නොච්චියාගම විල්පත්තුව වනෝද්‍යානයට ගමන් කරන හංදිය අසලදී සිදු කළ පරීක්ෂාවකදී ලක්ෂ 6කට වැඩි කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නොච්චියාගම කලාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක කාන්තාවක් බවයි සඳහන්.

නොච්චියාගම පුත්තලම ප්‍රධාන මාර්ගයේ විල්පත්තුව හන්දියේ රාජකාරි කරමින් සිටි අධිවේගී යතුරුපැදියේ ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් යතුරු පැදියකින් ගමන් කල කාන්තාවක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී සඟවා ගෙන සිටි කේරල ගංජා කිලෝ 1යි, ග්‍රෑම් 640ක් ප්‍රමාණය සොයා ගෙන තිබෙනවා.

සැකකාරිය ගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඇයගේ සොහොයුරන්ද කේරල ගංජා වෙළඳාමේ නිරත වන්නන් බවටයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.