28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු මාරුව ගැන ජනපතිට පැමිණිල්ලක්

ගුරු මාරුව ගැන ජනපතිට පැමිණිල්ලක්

ගුරු මාරු සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු ගුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කරන ලෙස කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති අතර මෙලෙස සිදුවන ගුරු මාරුවීම් කිසිදු පිළිගත හැකි නිර්ණායකයන්ට යටත්ව ක්‍රියාත්මක නොවන බවද විදුහල්පතිවරුන් දැනුම් දී ඇත.

ගුරු මාරු කිරීමේදී මේ වන විට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් වීම සහ අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් නොවීමත් යන කාරණය සලකා බැලිය යුතු බවයි විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වන්නේ.