― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගුවන්තොටේදී මත් කරල් කිලෝ 34ක් අල්ලයි

ගුවන්තොටේදී මත් කරල් කිලෝ 34ක් අල්ලයි

තහනම් ඖෂධ තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරකට අනුව ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කර ඇති අතර එහිදී හිසකෙස් වර්ණක අසුරුම් තුළ සූක්ෂම ආකාරයෙන් තහනම් ඖෂධ රැගෙනවිත් ඇති බව දැනගන්නට ලැබී ඇත.

සැකකරු සතුව තිබී කිලෝග්‍රෑම් 34ක බරින් යුත් මත්කරල් 60,460ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් තැනැත්තා 40 හැවිරිදි දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයින් විකල්පයක් ලෙස එම තහනම් ඖෂධය භාවිතයට පෙළඹී ඇති බවයි පොලීසිය පවසන්නේ.