26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පැවරීමට එරෙහිව පෙත්සමක්

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පැවරීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මහා භාණ්ඩාගාරය සතු රජයේ කොටස් පැවරීම වළක්වමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට පියවර ගැනීම වළක්වමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙත තවත් නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි යන අය විසින් පෙත්සම ගොනු කර තිබේ.