― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෛනික ජල පරිභෝජනය 10%කින් ඉහළට

දෛනික ජල පරිභෝජනය 10%කින් ඉහළට

මේ දිනවල පවතින අධික උෂ්ණ සහිත කාලගුණය හේතුවෙන් ජනතාවගේ දෛනික ජල පරිභෝජනය 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.

ආයතනයක් ලෙස මෙම තත්ත්වය ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය කලමණාකරණය කරමින් පවතින බවත් ජනතාව හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් ජලය භාවිතා කළ යුතු බවත් එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්. යූ. කේ. රණතුංග පැවසීය.

එලෙස ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම මඟින් දීර්ඝකාලීනව ගැටලුවකින් තොරව ජලය ලබා දිය හැකි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.