27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනව වෛද්‍යවරුන් පිරිසකට පත්වීම්

නව වෛද්‍යවරුන් පිරිසකට පත්වීම්

නවක වෛද්‍යවරුන් 1,320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම වෛද්‍යවරුන් එදින සිට දිවයින පුරා රෝහල් සඳහා අනුයුක්ත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එම වෛද්‍යවරුන් වැඩි වශයෙන් දුෂ්කර ප්‍රදේශවක රෝහල් කරා යොමු කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මේ වන විට මෙරට සිටින සමස්ත වෛද්‍යවරුන් ප්‍රමාණය 19,000ක් පමණ වන අතර නව වෛද්‍යවරුන්ගේ පත්වීම් සමඟ එය 20,000 ඉක්මවා යනු ඇති.

මේ වන විට වාර්ෂිකව වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1,500ත් 1,800ත් අතර ප්‍රමාණයක් වනවා.

එය 5,000ක් දක්වා ඉහළ නැංවීමටයි අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.