― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්

මේ මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයින් 55,000ක් පමණ පැමිණ ඇති බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසීය

ඔහු සඳහන් කළේ ලබන 20 වැනිදා වනවිට සංචාරකයින් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි.

සංචාරයින් පැමිණීමේ වැඩිවීමක් පෙන්නුම්කරනවා. 16 වනදා වෙද්දි මේ මාසයට විතරක් සංචාරකයින් 55,000ක් පමණ ඇවිල්ලා තිබුණා. ඒ අනුව ගත්විට හාරලක්ෂයකට කිට්ටු වෙන්න සංචාරකයින් ප්‍රමාණයක් ඇවිල්ල තියෙනවා. අපි බොහෝදුරට බලාපොරොත්තු වෙනවා 20 වනදා වෙනකොට සංචාරකයින් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය ඉක්මවයි කියලා. මේ මාසය ගත්විට වැඩියෙන්නම සංචාරකයින් පැමිණිලා තියෙන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ රුසියාවෙන්. හැබැයි ජනවාරි සිට අද වෙනතුරු ගත් විට රුසියාවෙන් තමයි වැඩිපුර ප්‍රමණයක් ඇවිත් තියෙන්නේ. ඊළඟට ඉන්දියාවෙන්. අපි චීනයෙන් බලාපොරොත්තු වුණ තරමට සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩි වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එන මාසයේ වගේ චීනයෙන් එන සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිවෙයි කියලා.