27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරඹුක්කන පොලිස් වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පොලිස්පතිට

රඹුක්කන පොලිස් වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පොලිස්පතිට

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් අතර පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ පරීක්ෂණයේ අවසන් නිර්දේශය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.

පසුගිය 2022 වසරේ අප්‍රේල් මස 19 වනදා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණයේ නිර්දේශ පොලිස්පතිවරයා වෙත භාරදෙනු ලැබුවේ ඊයේ (18) දිනයේදීයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේ මෙම පරීක්ෂණය බහු විධ ප්‍රවේශයකින් යුත් විශේෂඥයින් කණ්ඩායමකගේ දායකත්වය ලබා ගනිමින් සිදු කළ බවයි.