27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් 11 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් 11 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

හෙට්ටිපොල, මූණමල්දෙණිය – කටුපොත මාර්ගයේ අංගමුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (18) එම අනතුර සිදුව ඇති අතර කටුපොත දෙස සිට මූණමල්දෙණිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයකින් පාසල නිමවී පැමිණි සිසුවෙකු බසයෙන් බැස පාර මාරුවීමට යාමේදී කටුපොත දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක සිසුවා ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.