27.2 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිළවු ඇල්ලීම චීන සමාගමකට

රිළවු ඇල්ලීම චීන සමාගමකට

රිළවුන් පිටරට යැවීමට කමිටු අනුමැතිය ලැබීමෙන් පසුව රිළවුන් ඇල්ලීම චීන සමාගමටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ රිළවුන් අල්ලා ගුවන්තොටුපොළ දක්වා ගෙනැවිත් දීමට වැයවන මුදල සඳහා එක් රිළවෙකුට ගාස්තුවක් ගෙවීමට චීන සමාගම එකඟ වූවද එය සිදු කිරීම අපහසු බැවින් ඔවුන්ටම රිළවුන් අල්ලන ලෙස දැනුම් දුන් බවයි.

මෙහිදී රිළවුන් අල්ලා කටුනායක දක්වා ප්‍රවාහනය කිරීමට සිදුවන බවත් එහිදී සති දෙකක පමණ කාලයක් එම සතුන් නිරෝධායනය කළයුතු බවත් පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ එහිදී සතුන්ට ආහාර ලබාදීම ඇතුළු කටයුතු සඳහා විශාල වියදමක් හා ශ්‍රමයක් දැරීමට සිදුවන බවයි.

මෙරට සිටින රිළවුන් කිසිසේත්ම මුදලට අලෙවි නොකරන බව එහිදී අවධාරණය කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සමාගම සමග සාකච්ඡා කර නොමැති බවය.

රිළවුන් ලබා දෙන ලෙස තවත් රටවල් කීපයක සත්වෝද්‍යානවලින්ද මේ වනවිට ඉල්ලීම් ලැබී තිබේ.