වරාය තුළ වෙළඳ නාවික කටයුතුවලදී සහ භාණ්ඩ නිෂ්කාශනයේදී සිදුවන විශාල ප්‍රමාදවීම් වළක්වා ගැනීම සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (18) පවත්වා තිබේ.
ඒ සඳහා ඩොලර් මිලියන 35 ක් පමණ වැයවන අතර ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා ආධාරයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර අදාළ පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.