― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසහරාන්ගේ ලැක්ටෝ වත්තේ නිදන් හෑරූ STF නිලධාරීන් අත්අඩංගුවට

සහරාන්ගේ ලැක්ටෝ වත්තේ නිදන් හෑරූ STF නිලධාරීන් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහාරන් පුහුණු විම් සදහා යොදා ගත් වනාතවිල්ලුව කරඩිපුවල් පිහිටි ලැක්ටෝ වත්තේ නිදන් හාරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරින් විසින් අද ( 19)  අලුයම අත් අඩංගුවට ගත් බව වාර්තා වෙයි

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරට අයත් අදාල ලැක්ටෝ වත්තේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරුන් දෙදෙනෙකු බව කියයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන සහරාන් විසින් මෙම ලැක්ටෝ වත්ත පුහුණු විම් හා ඇතුළු කටයුතු සදහා යොදා ගෙන තිබු අතර එම වත්තේ සහරාන් ඇතුළු කණ්ඩායම විසින් වල දමා තිබු පුපුරණ ද්‍රව්‍ය රැසක් පාස්කු ප්‍රහාරයට පෙර සොයා ගැනිම සිදුකර තිබුනී.

පාස්කු ප්‍රහාරයෙන් පසුව අදාල ලැක්ටෝ වත්ත ඉඩමට වනාතවිල්ලුව පොලිසියේ  පොලිස් ආරක්ෂාව සපයා  තිබු අතර පසුව මෙම ඉඩම පොලිස් විශේෂ කාර්ය බලකාය යටතට ලබා දී එහි ආරක්ෂාව සදහා පොලිසි විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් යොදවා තිබු බව කියයි.

එසේ ආරක්ෂාවට යොදවා සිටි කණ්ඩායමේ පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු විසින් මෙසේ කපුවෙකු රැගෙන විත් නිදන් හාරමින් සිටින බවට ලැබුන තොරතුරක් මත කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරු නිළධාරින් පිරිසක් විසින් වටලා පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබු අතර කපුවා පැන ගොස් තිබු බවද කියයි.

පසුව නිදන් හැරීමට යොදා ගත් උදළු ඇතුළු දෑ සමග පූජා භාණ්ඩ තොගයක්ද වැටලිම සිදුකල පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් සොයා ගෙන තිබු අතර අත් අඩංගුවට ගැනුන පොලිසි කොස්තාපල්වරුන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සදහා වනාතවිල්ලුව පොලිසියට භාර දීමට කටයුතු කර තිබුනී.

වනාතවිල්ලුව පොලිසිය සදහන් කලේ අදාල සැකකරුවන් අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පලා ගිය කපුවා සොයා පරික්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය කියයි.