― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalIMF ණය ලබාගැනීම සාර්ථක ජයග්‍රහණයක් - විදේශ ඇමති

IMF ණය ලබාගැනීම සාර්ථක ජයග්‍රහණයක් – විදේශ ඇමති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් පිරිනැමුණු ණය මුදල ප්‍රපාතයකට වැටී තිබූ ජාතික ආර්ථිකය ගොඩගැනීමේ සටනින් ලද සාර්ථක ජයග්‍රහණයක් බව විදේශා අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ එම ණය මුදල ලබාගැනීමේ ක්‍රියාවලියට මුලික අඩිතාලම දැමුවේ තමන් බවයි.

අනතුරුව එය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ගෙනගිය බව පැවසු විදේශ අමාත්‍යවරයා කියාසිටියේ තමන් එවකට මුදල් ඇමතිව සිටි බවයි.

දිගු කලක් රට තුල පැවති සිවිල් යුද්ධය හා රට ආක්‍රමණය කල කොවිඩ් 19 උවදුර හේතුවෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට යළි පනගැන්වී ඇති බව පැවසු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ උතුර හා නැගෙනහිර යන දෙපළාත සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහය අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව තවත් ඉංදියාව සමග ඒකාබද්ධ විය යුතු බවද පවසන අලි සබ්රි දෙරට අතර ගුවන් ගමන් පුළුල් කලයුතු බවත් දෙරට අතර මුහුදු ගමන් කටයුතුද ළඟදීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව එක කලාපීය රටකට පමණක් සීමා නොවී චීනය, බටහිර රටවල් මෙන්ම මැද පෙරදිග රටවල් සමගද සබඳතා තර කරගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.