23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅතුරුදන් වූ ලක්ෂ 50 ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

අතුරුදන් වූ ලක්ෂ 50 ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බව එම නිවේදනයේ සඳහන් වන්නේ.

මෙලෙස අඩුවී ඇති බවට වාර්තා වී ඇත්තේ මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000‍ නෝට්ටු බණ්ඩලයක් බවද එම නිවේදනය සඳහන් ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තය විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර ඇති බවත් සිදුවීම පිළිබඳව කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.