31.1 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11ට මෙම රැස්වීම පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙහිදී ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සාමාජිකයින් තීරණය කිරීමට නියමිතයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අප්‍රේල් 25 වැනිදායි පැවැත්වෙන්නේ.

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා සඳහන් කළේ, ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එහෙත් විපක්ෂය ඊට විරෝධය පළ කර තිබෙනවා.