27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද සිට ගාලුමුවදොර ජන හමු බෑ

අද සිට ගාලුමුවදොර ජන හමු බෑ

ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර සංගීත සංදර්ශන, මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සහ ජනහමු පැවැත්වීම සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය අද (20) සිට ක්‍රියාත්මක වනවා.

අද සිට ගාලු මුවදොර පිටියේ කටයුතු සීමා කිරීමටයි අමාත්‍ය මණ්ඩලය සඳුදා අනුමැතිය ලබා දී තිබුණේ. එම කැබිනට් පත්‍රිකාවට අනුව ගාලුමුවදොර පිටියේ සුන්දරත්වයට හානි විය හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් සහ වෙනත් උත්සව සඳහා අවසර හිමිවන්නේ නැහැ.

ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 220ක් වැය කර ඇති බව සඳහන්. පසුගිය වසරේ උද්ඝෝෂණවලදී ප්‍රදේශයට සිදුවූ හානිය පිළිසකර කිරීම සඳහා රුපියල් මිලියන 6.6ක් වැය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලුමුවදොර පිටිය භාවිත කිරීමට ඉඩ ලබාදීමට තීරණය කර තිබෙනවා. අද සිට විශේෂ ආගමික උත්සව පැවැත්වීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදෙන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන්.