අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි සිව් මහල් වෙළෙඳසැල් කිහිපයක ගින්නක් හටගෙන තිබේ.
පොලිසිය පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවයි.
මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වය නිසා ගින්න පැතිරීම වේගත් බවත් එක් කඩකාමරයක ඇති වූ ගින්න අසළ තිබුණු තවත් වෙළෙඳසැල් කිහිපයක පැතිර ගොස් ඇති බවත් පොලිසිය පවසයි.