27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 43ක පිරමීඩ ගිණුම් අත්හිටුවමින් නියෝගයක්

කෝටි 43ක පිරමීඩ ගිණුම් අත්හිටුවමින් නියෝගයක්

‘ඔන්මැක්ස් ඩීටී’ සමාගමේ මුදල් තැම්පත් කර ඇති ඇමරිකාවේ පිහිටි ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මූල්‍ය සමාගමේ ගිණුම් 08ක් මාස 06කට වහාම අත්හිටුවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (19) නියෝගයක් නිකුත් කර තිබේ.

ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරට අධිකරණයකින් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ පවසන්නේ.

මෙලෙස අත්හිටුවීමට නියෝග කළ ගිණුම් අතර මෙරට පිහිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකුගේ ගිණුම්ද වන අතර එම පුද්ගලයින් සිව් දෙනා ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනෙකුගේ විදෙස් ගමන්ද තහනම් කර තිබේ.

මෙම ඔන්මැක්ස් ඩීටී සමාගමේ ගිණුම් දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගත් බව අධිකරණයට පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී කළ ඉල්ලීමක් සලකා බලා එම පුද්ගලයින් දෙදෙනාගේ ජංගම දුරකථන සහ පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයට ඉදිරිපත් කිරීමට ද නියෝග කර ඇත.

මෙම සමාගම නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූ මුදල ඇමරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් අබ්වයි වාර්තා වන්නේ.