27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡායාරූප ශාලාවක් තුළ ජයටම හොර සල්ලි අච්චු ගහලා

ඡායාරූප ශාලාවක් තුළ ජයටම හොර සල්ලි අච්චු ගහලා

අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලාවක කාමරක් තුළ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වැටලූ බව පොලීසිය පවසයි.

එහිදී ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 43ක් සහ ඒවා මුද්‍රණය කිරිම සඳහා භාවිතා කළ පරිගණක උපකරණ ඇතුළු උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය උත්සව සමයේ භාණ්ඩ මිලදී ගෙන රුපියල් 5000 නෝට්ටු මාරු කරමින් යන පුද්ගලයකු පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් මත එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් හමු වී ඇති අතර පසුව කළ ප්‍රශ්න කිරිම් හමුවේ මෙම සැකකරු රුපියල් පන් දහසේ නෝට්ටු මාරු කරන තැරැව්කරුවකු බව හෙළිවී ඇති අතර ඔහු සතුව තිබූ තවත් රුපියල් පන්දහසේ නොට්ටු 40 ක් තිබී ඇති අතර පොලීසිය දැක ඒවා වැසිකිලි වලට දමා තිබේ. පසුව ඒවා ගොඩ ගෙන බැලීමේදී ඒවායේ තීන්ත බොඳ වී තිබූ බවත් පොලීසිය ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු පරිගණකය භාවිතා කරමින් මුද්‍රණය කළ බව කියන පුද්ගලයා සහ එම ව්‍යාජ නෝට්ටු සැබෑ මුදල් බවට පත් කරමින් සිටි බව කියන තැරැව්කරුද පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (20) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.