29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපානදුර මුස්ලිම් දේවස්ථාන 23කට දැඩි පොලිස් ආරක්ෂාවක්

පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට දැඩි පොලිස් ආරක්ෂාවක්

පානදුර පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න පවසයි.

අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හා පොදු ස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ පිපිරීමක් සිදු වන බවට ලද නිර්නාමික තොරතුරක් අනුව එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමත් සමඟම ඊයේ (19) සවස ලද විශේෂ පොලිස් පණිවුඩයක් අනුව ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව ඔහු පැවසීය.

ඒ අනුව පානදුර පොලිස් වසමේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 3ක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි පොලිස් ජංගම සේවා රථ යොදා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඊට අමතරව ආගන්තුක පුද්ගලයන් එම ප්‍රදේශවල ගැවසුනහොත් දැඩි අවධානයෙන් පසුවන ලෙසට මහජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරී සේනාරත්න වැඩිදුරටත් පැවසීය.