පාස්කු ප්රහාරයට සම්බන්ධ අය ගැන රජය තරාතිරම නොබලා විමර්ශනය කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පැවසීය.
පාස්කු ප්රහාරය යනු රට බංකොලොත් වීමට වක්රාකාරයෙන් බලපෑ සංසිද්දියක් බවද එම ප්රහාරය මරණ 253 කට පමණක් ලඝු කළ හැකි කාරණයක් නොවන බවද රත්නප්රිය මහතා කීය.
මෙහි වින්දිතයන්ට කවදා හෝ සාධාරණයක් ඉටුවිය යුතු අතර රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඒ සාධාරණය ඉටු කිරීම රජයේ අපේක්ෂාව බව ද රත්නප්රිය මහතා සඳහන් කළේය.