23.9 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

බස් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

යාපනයේ කයිතඩි ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රියේ සිදු වූ රථවාහන අනතුරකින් කොඩිගාමම් පොලීසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පොලිස් නිලධාරියා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි ලංගම බස් රථයක් යතුරු පැදියේ ගැටී ඇති අතර ඒ අවස්ථාවේදී මාර්ගයේ ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට යටවීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වන පුද්ගලයෙක් වන අතර ලංගම බස් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා චාවාකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.