27.8 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝම්බ බියක් නිසා මහනුවර මුස්ලිම් පල්ලි 203කට දැඩි ආරක්ෂාවක්

බෝම්බ බියක් නිසා මහනුවර මුස්ලිම් පල්ලි 203කට දැඩි ආරක්ෂාවක්

මහනුවර අකුරණ හයේ කණුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්ණාමික තොරතුර මත පදනම්ව මහනුවර කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන දෙසීය තුනකට (203) විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාවද එහි ආරක්ෂාව යොදවා තිබෙන බවත් සියලු දේවස්ථාන කේන්ද්‍රගතව විශේෂ පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවත්, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්ත රත්නායක ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටුවා ඇති 118 හදිසි ඇමැතුම් අංශය වෙත මෙම තර්ජනය පිළිබඳ ලද තොරතුරක් ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ඔත්තු සේවය හා පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බවයි.

තොරතුරු ලද වහාම එය අකුරණ පොලිසියට යොමුකිරීම නිසා අනිසි බියක් රටපුරා ඇතිවී ඇති බවත් මෙතෙක් කිසිදු බුද්ධි අංශයක් මෙවැනි බෝම්බ තර්ජනයක් ගැන තහවුරු කරගෙන නැති බවත් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි වූ ආරක්ෂක ප්‍රධානීන් පෙන්වා දී ඇත.

118 හදිසි ඇමැතුම් අංශයට ලද පැමිණිල්ල ලබාදුන් පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඔන්ලයින් ඔස්සේ පැමිණිලි කළ අයි.පී. ඇඩ්‍රස් එකක් විතරයි තියෙන්නේ. ඒ ආපු තොරතුර අදාළ ස්ථානවලට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ආරක්ෂාව සම්බන්ධව ලැබෙන කිසිදු තොරතුරක් අපිට බැහැර කිරීමට නොහැකි නිසා අදාළ බුද්ධි ඒකක වෙත ඒ ගැන දැනුම් දී තිබෙනවා.