28 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමඩු කැලේ අතරමං වූ පොලිස් සැරයන් හමුවෙයි

මඩු කැලේ අතරමං වූ පොලිස් සැරයන් හමුවෙයි

මන්නාරම, පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය අවස්ථාවේ ඊයේ (19) දහවල් අතුරුදහන් වූ පොලිස් සැරයන්වරයා අද දහවල් හමුවී තිබෙනවා.

කිසිදු කරදරයකින් තොරව අද (20) දහවල් මෙම නිලධාරියා හමුවූ බවයි මඩු පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ. පොලිසිය පැවසූවේ අතුරුදහන් ව සිටි පොලිස් සැරයන්වරයා මඩු, පණ්ඩිවිරිච්චාන් කැලෑවේ විල්ලුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකිවු බවයි.

මෙම නිලධාරියා ඇතුළු මන්නාරම පොලිසියේ පිරිසක් දර සෙවීමට ට්‍රැක්ටර රථයකින් මඩු කැලෑවට ගිය අවස්ථාවේ ඔහු අතුරුදහන්ව තිබුණා. පොලිසිය පැවසූවේ මඩු හා මන්නාරම පොලිස් නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් අතුරුදන් නිලධාරියා සොයා අද (20) මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.

මෙහෙයුම අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරියා පණ්ඩිවිරිච්චාන් කැලෑවේ ගසක් මත සිටියදී සොයාගැනීමට හැකි වූ බවද පොලිසිය ප්‍රකාශ කළා. මඩු කැලෑවේ දර කැඩීමට ගිය අවස්ථාවේ වලස් ප්‍රහාරයන්ට හා වන අලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් කිහිපදෙනෙකු මීට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති බව ද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.