28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ

මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ

මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ (19) වාර්තා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊයේ විදුලි බලශක්ති උත්පාදන සඳහා ගිගා වොට් 49.53ක ශුද්ධ ජනනයක් අවශ්‍ය වූ බවයි.

අද දිනයේ 50 GWh ඉක්මවන ඇස්තමේන්තුගත බලශක්ති ඉල්ලුමක් පුරෝකථනය කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. මෑතකදී පිහිටුවන ලද හම්බන්තොට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනක යන්ත්‍ර ඇතුළු සියලුම ලංවිම තාප බලාගාර විදුලි උත්පාදනය සඳහා යොදා ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.