22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරා තැබෑරුම්වලට තහනම් කටගැස්ම සැපයූ තිදෙනෙක් කොටුවෙයි

රා තැබෑරුම්වලට තහනම් කටගැස්ම සැපයූ තිදෙනෙක් කොටුවෙයි

ගලෙන්බිදුණුවැව, කහටගස්දිගලිය, හොරොව්පොතාන වැනි ප්‍රදේශවල පිහිටි රා තැබෑරුම් වෙත පැමි‍ණෙන අයට කටගැස්මට දඩ මස් සැපයීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් තිදෙනෙකු දඩ මස් තොගයක්ද සමඟ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මොරගොඩ වනජීවී නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (19) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් සහ අදාළ දඩ මස් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ලද තොරතුරක් අනුව මොරගොඩ වනජීවී නිලධාරීන් ඊයේ රාත්‍රියේ ගනේවල්පොල ගලෙන්බිදුනු වැව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී ක්ෂණීක මාර්ග බාධක යොදා සැකකටයුතු යතුරු පැදි දෙකක් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අදාළ යතුරු පැදි දෙකෙන් පැමිණි සැකකරුවන් ඒවා නොනවත්වා පලා ගොස් තිබෙන අතර වහා ක්‍රියාත්මකව ඇති වනජීවී නිලධාරීන් එම යතුරු පැදි දෙක හඹා යාමට කටයුතු කර තිබෙනවා.

සැකකටයුතු ලෙස පලායමින් තිබූ යතුරු පැදි දෙක හඹා ගිය වනජීවී නිලධාරීන් යකල්ල නාවක්කුලම ප්‍රෙද්ශයේදී එම යතුරු පැදි දෙක අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.

එහිදී සිදුකළ පරීක්ෂාවේදී යතුරු පැදි දෙකෙන් ප්‍රවාහනය කරමින් තිබූ තිත් මුව මස් කිලෝ 30ක් පමණ ප්‍රමාණයක් ද සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකිවිය.

අදාළ තිත් මුව මස් කුඩා පාර්සල් ලෙස අසුරා එම යතුරු පැදිවලින් ප්‍රවාහනය කරමින් තිබූ බව වනජීවී නිලධාරීහු පවසනවා.

ඒ අනුව අදාළ තිත්මුව මස් තොගය හා සැකකරුවන් තිදෙනෙකුද, ඔවුන් පැමිණී යතුරු පැදි දෙකක්ද අත්අඩංගුවට ගැනීමට මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරින්ට හැකි වී තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ වැඩි දුර ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ රිටිගල කලුඑබේ ප්‍රදේශයේ සිට එම තිත් මුව මස් තොගය ගලෙන්බිදුණුවැව, හොරොව්පොතාන, කහටගස්දිගිලිය ඇතුලු ප්‍රදේශවල රා තැබැරුම්වලට පැමිණෙන අයට කටගැස්මට ලබා දීමට රැගෙන යන බවයි.

අත්අඩංගුවටපත් පිරිස අතර අදාළ රා තැබෑරුම් හිමිකරුවකුද වන බවත්, දඩ මස් ජාවාරම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති ඇති එම සැකකරුවන් ගලෙන්බිදුණුවැව කුණුගෝනෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වනජීවී නිලධාරීහු පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇති තිත් මුව මස් තොගය සමග සැකකරුවන් අද (20) දිනයේ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීහු වැඩිදුරටත් පවසනවා.