30 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews10ක් රෝහලට යැවූ වෙන්නප්පුවේ බස් රථ අනතුර

10ක් රෝහලට යැවූ වෙන්නප්පුවේ බස් රථ අනතුර

වෙන්නප්පුව – නයිනමඩම පාලම මතදී සිදු වූ බස් රථ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අද අලුයම මෙම අනතුර සිදුවී ඇති අතර තුවාලකරුවන් ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල් ගත කර ඇති අය අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවයා ද වනවා. අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පුල්මුඩේ දක්වා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක් සහ ලොරි රථයක්.

ධාවනය වෙමින් තිබූ බස් රථය පාලම මතදී එක්වරම ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණ ඇති ලොරිය බස් රථයේ ගැටී ඇතැයි සඳහන්.

අනතුරින් බස් රථයට සහ ලොරියට හානි සිදුවී තිබෙනවා. වෙන්නප්පුව පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.