― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeWorldබුදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට මනාව ගැලපෙනවා - නරේන්ද්‍ර මෝදි

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට මනාව ගැලපෙනවා – නරේන්ද්‍ර මෝදි

බුදුන් වහන්සේට ප්‍රකාශනයට එහා ගිය විඥානයක් ඇති බවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට මනාව ගැලපෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

නවදිල්ලි නුවරදී පැවැත්වෙන ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් ඔහු එසේ පැවසීය.

ගෝලීය බෞද්ධ සමුළුවට විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණ සිටීම මනුෂ්‍යත්වය එකම නූලකින් බැඳ තබන බුදුන් වහන්සේගේ ධර්මය නියෝජනය කරන බව ද කී අග්‍රාමාත්‍යවරයා නූතන යුගයේ ගැටලුවලට බුදුන් වහන්සේගේ පැරණි ඉගැන්වීම් හරහා විසඳුම් දෙන බව ද සඳහන් කළේය.

බුදු රජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඉන්දියාව කැපවීමෙන් කටයුතු කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ පරිසරය සංවර්ධනය කිරීම, සාරානාත් සහ කුෂිනගර් ප්‍රතිසංස්කරණය කිරීම, කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ලුම්බිණියේ ඉන්දියානු ජාත්‍යන්තර බෞද්ධ උරුමයන් සහ සංස්කෘතික මධ්‍යස්ථාන ඇති කළ බව ද කීය.