26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅතුරුදන් වූ මිලියන 5 ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

අතුරුදන් වූ මිලියන 5 ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය 11 වන දින ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු අතරතුරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තරයේ වූ සුරක්ෂිතාගාරයක් තුළ රුපියල් මිලියන 5ක (රුපියල් 5000 නෝට්ටු) වටිනාකමක් සහිත නෝට්ටු බණ්ඩලයක අඩුවීමක් අනාවරණය වූ බව මහ බැංකුව නිවේදනය කරනවා.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් වහාම අරඹන ලද අතර කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පොලිස් විමර්ශන කටයුතු දැනට සිදුවෙමින් පවතිනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

එමෙන්ම පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහාය ද අඛණ්ඩව ලබා දෙමින් සිටින බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.