32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹෙයි

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹෙයි

උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සලකුණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට පොළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජී.එමි. සියි. අමිත් ජයසුන්දර සඳහන් කර සිටියේ.

යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කලුතර සහ කුරුණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල දී එම කටයුතු සිදු කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය ඇතුළු අනෙක් විෂයයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බවත් එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ මේ වනවිට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළා.