― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකටුවාපිටියේ විරෝධතාවට අතුරු තහනමක් ඉල්ලා නැහැ - පොලීසිය

කටුවාපිටියේ විරෝධතාවට අතුරු තහනමක් ඉල්ලා නැහැ – පොලීසිය

2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර 4ක් ගතවීම නිමිත්තෙන් මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීම වළක්වාලමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

ඊයේ (20) රාත්‍රියේ සිට අද (21) අලුයම දක්වා සැලසුම් කර තිබූ විරෝධතා පා ගමන සම්බන්ධයෙන් අධිකරණයෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ප්‍රකාශ කළේ.

පොලිසිය පැවසුවේ අද (21) සවස මීගමුව තෙල්වත්ත හන්දියේ සිට මීගමුව නගරය දක්වා විරෝධතා පාගමනක් සහ ජන රැළියක් පැවැත්වීමට සංවිධානාත්මක පිරිසක් උත්සහ කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම ජන රැළිය හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් පොදු දේපළවලට හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් පෙන්වා දෙන පොලිසිය, විරෝධතාව සහ ජන රැළිය පොදු භූමියක හෝ සුදුසු ස්ථානයක පවත්වන ලෙස ඉල්ලීමක් කරන බව ද ප්‍රකාශ කළා.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණේ එම විරෝධතාවයේ සහ රැළියේදී නීති උල්ලංඝණය කිරීමකදී නීතියට අනුව අවශ්‍ය පියවර ගැනීමට පොලිසියට අවසර ලබාදෙමින්.

ඉදිරි ප්‍රගතිය සමගින් ලබන 24 වනදා නඩුව නැවත කැඳවීමට නියම කර ඇති බවයි බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සඳහන් කර ඇත්තේ.