32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකරදරෙන් බේරෙන්න ගිය කතක් බසයෙන් ඇද වැටී ජීවිතක්ෂයට

කරදරෙන් බේරෙන්න ගිය කතක් බසයෙන් ඇද වැටී ජීවිතක්ෂයට

කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයකදී අතවරයකට ලක්වූ බව කියන කාන්තාවක් එම බසයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මරදංකඩවල ප්‍රදේශයේ පදිංචි කොළඹ නගරයේ පුද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවය කළ 61 හැවිරිදි කාන්තාවකි.

පසුගිය 10 වැනිදා මෙම කාන්තාව අවිස්සාවේල්ල – කොටුව බස් රථයක ගමන් කරමින් සිටියදී බසයෙන් ඇදවැටී බරපතළ තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය පසුගියදා (18) මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය බසයෙන් ඇදවැටී ඇත්තේ බීමතින් බසයට නැගි පුද්ගලයකු සිදුකළ ලිංගික අතවරයෙන් මිදීමට උත්සහා දැරූ අවස්ථාවේදී බවයි.

බස් රථයේ රියැදුරු, කොන්දොස්තර ඇතුළු කිහිප දෙනෙකුගෙන්ද පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඔවුන්ද පවසා ඇත්තේ ඇය බසයෙන් ඇදවැටී මියගිය බවයි.

හෝමාගම පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.