― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනානුඔය සිට නුවරඑළිය හරහා කඳපොල දක්වා නව දුම්රිය මාර්ගයක්

නානුඔය සිට නුවරඑළිය හරහා කඳපොල දක්වා නව දුම්රිය මාර්ගයක්

ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත නානුඔය දුම්රිය ස්ථානය සිට නුවරඑළිය, කඳපොල හරහා රාගල දක්වා ඉංග්‍රීසි පාලන සමයේ පැවති දුම්රිය මාර්ගය යොදා ගනිමින් නව විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීම පිළිබඳව නිරීක්ෂණයකට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා එක් විය.

නානුඔය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි පැරණි දුම්රිය මාර්ගයේ ශේෂ පථය, නුවරඑළිය බ්ලැක් පූල් ප්‍රදේශයේ සහ නුවරඑළිය ලංකා ගමනාගමන මණ්ඩලය ඩිපෝ පරිශ්‍රයේ පිහිටා ඇති පැරණි දුම්රිය ස්ථානයේ ශේෂ කොටස් මෙන්ම කඳපොල ප්‍රදේශයේ පිහිටා ඇති පැරණි දුම්රිය මාර්ගයේ ශේෂ කොටස් ද මෙහිදී අමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට ලක් විය.

නිරීක්ෂණයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

සාම්ප්‍රදායික අදහස් වලින් විදිමින් රට නව වෙනසකට යොමු කරමින් සංවර්ධනය උදෙසා අප සැමට පැවරෙනවා. ඒ උදෙසා විධිමත්ව දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් වඩාත් ඵලදායි ලෙස ආයෝජනයන්හී යෙදවීමසඳහා දෙස් විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම මේ මොහොතේ ඉතාමත් වැදගත්. එහිදී ඉපැයුම් මාර්ග බවට පත් කර ගත හැකි දේපළ සහ වත්කම් විශාල ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතිනවා. විශේෂයෙන්ම දිවයින පුරා පිහිටි සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන විධිමත් ලෙස සංවර්ධනය කරමින් ආයෝජන අවස්ථා සඳහා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට පියවර ගත යුතුයි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ විශාල ආකර්ෂණයක් පවතින නානුඔය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් බ්‍රිතාන්‍ය යුගයේ නිර්මාණය කෙරුණු රාගල දක්වා දුම්රිය මාර්ගය කුඩා විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා දේශිය හෝ විදේශීය ව්‍යවසායකයකු ට ඉඩ සලසා ප්‍රදේශයටත් රටටත් ගිය මොහොතේ ඉතාමත් වටිනා ආයෝජනයක් බවට පත්වනු ඇති.

එහිදී ලෝකයේ ඉහළම ස්ථානවල පිහිටි දුම්රිය ස්ථාන හය අතරින් එකක් ලෙස සැලකුණු කඳපොල දුම්රිය ස්ථානය විදේශීය සහ දේශීය සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගත හැකි ගමනාන්තයක් බවට පත් කිරීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණක්‌.

මෙහිදී ප්‍රදේශයේ ජනතාව සහ සංචාරකයින් සමග ද අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා ඔවුන්ගෙන් කෙරුණු ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමින් උදෑසන නානුඔයසිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය මගීන්ට නුවරඑළිය නගරයයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ඩිපෝව මඟින් විශේෂ බස් රථයක් එම වෙලාවට යෙදවීම සඳහා ඩිපෝ අධිකාරිවරයා වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව එළැඹෙනමැයි දෙවැනිදා සිට පෙරවරු 5.15ට මෙම බස් රථය නුවරඑළිය නගරයේ සිට 9 දක්වා ධාවනයට එක් කෙරෙනු ඇති.

හිටපු අමාත්‍ය, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී බී රත්නායක මැතිතුමා, දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වල නිලධාරීන් ද මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.