― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිවසටම ඇවිත් සැමියා 18 බිරිඳව උස්සන් යයි

නිවසටම ඇවිත් සැමියා 18 බිරිඳව උස්සන් යයි

මාස කිපයක විවාහය අත්හැර යළි හලාවත, මුනුවන්ගම ප්‍රදේශයේ පිහිටි සිය මවිපියන්ගේ නිවසට පැමිණි සිටි තරුණ කාන්තාවක් විවාහ වූ සැමියා සහ තවත් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ 18 හැවිරිදි විවාහක තරුණියක් බවයි. අදාළ පැහැර ගැනීම පසුගිය 19 වනදා සිදුව ඇති අතර ඒ සඳහා එම තරුණියගේ සැමියා ඇතුළු පස්දෙනෙකු පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පැහැර ගැනීමට ලක්වූ තරුණිය හලාවත ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටින අතර තුර උපකාරක පංතිවලට සහභාගී වෙමින් සිටිය දී හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

පසුව ඇය නිවසට හොර රහසේ එම තරුණයා සමඟ පලාගොස් විවාහ වී මාස කිහිපයක් ඔහු සමඟ එකට දිවිගෙවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් විවාහ වූ 19 හැවිරිදි තරුණ සැමියා සිදුකළ හිරිහැර ඉවසාගත නොහැකිව තරුණිය පසුගිය මාර්තු මස 20 වනදා යළි මව්පියන්ගේ නිවසට පැමිණ ඇති බව සඳහන්.

එලෙස පැමිණ නිවසේ රැඳී සිටි තරුණිය, ඇයගේ සැමියා සහ පිරිසක් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇයගේ මව පමණක් නිවසේ රැඳී විට ඇති බවයි අනවරණය වී ඇත්තේ.

පැමිණි පිරිස මවට ද පහර දී විවාහක තරුණිය මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පැමිණිලි ලැබී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.