ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් දෙකකට නව ලේකම්වරුන් පත් කර තිබේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස අජිත් ප්‍රේමසිංහ මහතා ද ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මහත්මිය ද පත්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.ඔවුහු පරිපාලන විශේෂ ශ්‍රේණියේ නිලධාරීහු වෙති.
දැනට අදාළ තනතුරු හොබවන නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසුව මෙම පත්වීම් බලපැවැත්වේ.