32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ මහ සභා රැස්වීමට ජී. එල්ගෙන් අධිකරණ ක්‍රියාමාර්ග

පොහොට්ටුවේ මහ සභා රැස්වීමට ජී. එල්ගෙන් අධිකරණ ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම හෙට (22) දිනයේදී බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එම මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත පක්ෂ මහලේකම් සාගර කාරියවසම් විසින් පසුගිය 11 වනදා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ න්‍යාය පත්‍රය සහ මහා සභාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව තම නීතිඥයන් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත දන්වා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම මහා සභාවේදී ගනු ලබන සියලු තීරණ වලංගු භාවයෙන් තොර හා ශූන්‍ය හා ක්‍රියා විරහිත යන පදනම මත මෙම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන්.