― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබලෙන් ගෙට රිංගා 56 හැවිරිදි කතට හදි කරලා

බලෙන් ගෙට රිංගා 56 හැවිරිදි කතට හදි කරලා

රාත්‍රී කාලයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී අවුරුදු 56ක් වයසැති පෙරපාසල් ගුරුවරියක් දූෂණය කිරීමේ චෝදනාවට පසුගිය 06 වනදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරුවෙක් දැඩි ඇප කොන්දේසි මුදාහැරීමට මිනුවන්ගොඩ දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් ඊයේ (20) නියෝග කළා.

ඒ අනුව 60 හැවිරිදි සැකකරු රුපියල් තුන් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙසටයි අධිකරණය එහිදී නියෝග කළේ.

ඊට අමතරව සෑම මසකම අවසාන ඉරු දින පෙරවරු 9.00ත් 12.00ත් අතර බඩල්ගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද ඇප නියම වූ සැකකරුට නියෝග කළා. සැකකරු වින්දිත කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් සිද්ධිය සිදුවීමට පෙර දින හමුවූ අවස්ථාවේ සැමියා සහ දරුවන් නිවසේ නොමැති බව පවසා නිවසට පැමිණෙන ලෙස ඇය විසින් සකකරුට දන්වා ඇති බව සඳහන්.

කාන්තාවගේ ඇරයුම මත තමන් ඇයගේ නිවසට ගිය බවට සැකකරු බඩල්ගම පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සටහන් වන බව අධිකරණයේ දී සඳහන් වුණා. වින්දිත කාන්තාව සහ සැකකරු යන දෙදෙනාම බඩල්ගම පොලිස් වසමේ පදිංචි අසල්වැසියන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුට එරෙහිව අදාළ පැමිණිල්ල කාන්තාව විසින් පොලිසියට සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. මෙම නඩුව ලබන ජුනි මස 11 වනදා යළි කැඳවීමට නියමිතයි.