25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර මිල අඩු කරනවා - වෙළඳ ඇමති

බිත්තර මිල අඩු කරනවා – වෙළඳ ඇමති

ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අඩුකිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගනේමුල්ල ප්‍රදේශයේ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

කෙසේවෙතත් බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි පැවසුවේ බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30කට වඩා අඩු වුවත් ඊට සාපේක්ෂව ඉදිරියේදී බිත්තර මිල අඩු කළහොත් බිත්තර නිෂ්පාදකයන් ගැටළු රැසකට මුහුණදෙන බවයි.