26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීමතින් පාරේ ගිය විදේශිකයෙක් කාණුවට වැටී ජීවිතක්ෂයට

බීමතින් පාරේ ගිය විදේශිකයෙක් කාණුවට වැටී ජීවිතක්ෂයට

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ස්පාඤ්ඤ ජාතිකයෙකු කොන්ක්‍රීට් කාණුවකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇති බවයි. අහංගම තැපැල් කාර්යාලය අසළ ඇති කාණුවකටයි ඔහු වැටී ඇත්තේ.

31 හැවිරිදි මෙම ස්පාඤ්ඤ ජාතිකයා මීට මාස එකහමාරකට පමණ කාලයක සිට අහංගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් අහංගම සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ විදේශිකයා හබරාදූව කළුගල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.