29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමහ සභා රැස්වීම කැඳවූයේ මැතිවරණ පනතට අනුවයි

මහ සභා රැස්වීම කැඳවූයේ මැතිවරණ පනතට අනුවයි

හෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පවත්වන මහ සභා රැස්වීම කැඳවූයේ පක්ෂ ව්‍යවස්ථාව අනුව නොව පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම මහ සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බව සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි.

හෙට (22) පෙරවරු 10ට බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වසර සඳහා වන මහ සභා රැස්වීම පත්වන බවට දැනුම් දෙමින් ඒ සඳහා යෝජනා ඇත්නම් දින 5 ක් තුළ තමන් වෙත ලැබීමට සලස්වන ලෙස පක්ෂ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත පසුගිය 11 වනදා ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජී.එල් පීරිස් පැවසුවේ එවැනි මහ සභා රැස්වීමක් පැවැත්වීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවත් එබැවින් ඊට එරෙහිව සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්ය.