මැයි මස 15 වැනිදා වනවිට සියලුම පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ දක්වා ඇත්තේ මේ වන විට 80%ක ප්‍රමාණයක් සඳහා පෙළ පොත් ලබා දී අවසන් බවයි.
එමෙන්ම පාසල් නිල ඇඳුම්වලින් ද මේ වන විට 85%ක ප්‍රතිශතයක් ලබා දී අවසන් අතර මැයි මස 15 වනදා වන විට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නිල ඇඳුම් ද ලබා දී අවසන් කරන බව එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.