27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුරෝපා සංගමයෙන් මිලියන 15,000ක යූරියා පොහොර මෙරටට

යුරෝපා සංගමයෙන් මිලියන 15,000ක යූරියා පොහොර මෙරටට

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට ලබා දෙන සහනාධාරයක් වශයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර හා කෘෂි උපකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම හෙට (22) දිනයේදී සිදු කිරීමට නියමිතයි.

එම යූරියා පොහොර හා කෘෂි උපකරණ කට්ටල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත නිල වශයෙන් භාරදීම හම්බන්තොට – බටඅත කෘෂිකර්ම උද්‍යානයේදී සිදු සිදුකරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ යටතේ වී වගාවෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා හඳුන්වා දී ඇති පැරචුට් වී වගා ක්‍රමය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පැරචුට් තැටි, හා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට උසස් තත්ත්වයේ බීජ වී ගොවි ජනතාවට ලබාදීමට අවශ්‍ය සහයෝගය යුරෝපා සංගමය විසින් පළ කර තිබීම මෙන්ම එම උපකරණ ලබාදීම ඉතා වැදගත් කටයුත්තක් බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

මීට අමතරව පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 07ක හෙක්ටෙයාර් භාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබාදීම ද සිදු කරනවා.

මේ අතර රට තුළ උසස් තත්ත්වයේ බීජ වී සැකසීමේ නව තාක්ෂණික ක්‍රම හා ඒවාට අවශ්‍ය උපාංග ලබාදීම ද සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.