28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාමසාන් උත්සවය හෙට

රාමසාන් උත්සවය හෙට

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හෙට රාමසාන් උත්සවය සමරනු ලබනවා.

අද රාත්‍රියේ සඳ දර්ශනය වීමත් සමගයි හෙට රාමසාන් උත්සවය සැමරීමට ජනතාව එක්වන්නේ.

කොළඹ මහ පල්ලිය මේ බව නිවේදනය කළා.

පුරා මාසයක කාලයක් උපවාසය රැකීමෙන් අනතුරුවයි මුස්ලිම් ජනතාව හෙට රාමසාන් උත්සවය සැමරීමට එක් වන්නේ.

පුරා මාසයක කාලයක් උපවාස ශීලය රැකීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය, මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂී දිනයක්.

රාමසාන් මාසයේ දී ඉස්ලාම් බැතිමතුන් අල්ලා දෙවියන් වෙනුවෙන් කැප විය. “ශුද්ධ වූ අල් කුරානය” අල්ලා දෙවියන් විසින් ලබාදුන් “ලයිනතූර් කත්රි” නමැති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසයක් ලෙසයි, රාමසාන් මාසය හැඳින්වෙන්නේ.

ඉස්ලාම් දින දර්ශනයට අනුව රාමලාන් මාසය (නව වන මාසය) පුරා දින 30ක් උපවාසයේ නිරත වීමෙන් පසුව නව සඳ නිරීක්ෂණය වීමෙන් පසුව ෂවුවාල් මාසයේදී (දහ වන මාසය) ඉස්ලාම් භක්තිකයන් සිය රාමසාන් උත්සවය සමරනු ලබනවා.

ඔවුන් සිදු කළ යුතු වගකීම් පහ අතරින් 4 වන වගකීම උපවාසයේ නිරත වීමයි.

ඉස්ලාම් ධර්මයේ පංචමහා වගකීම් අතර උපවාස ශීලයට සුවිශේෂ ස්ථානයක් හිමි වනවා.