― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාමසාන් වෙනුවෙන් පල්ලි අවට ආරක්ෂාව තර කෙරේ

රාමසාන් වෙනුවෙන් පල්ලි අවට ආරක්ෂාව තර කෙරේ

රාමසාන් දිනයේදී සහ ඊට පෙර දිනවලදී ආගමික වතාවත් පැවැත්වෙන ඉස්ලාම් පල්ලි හඳුනාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (21) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය.

රාමසාන් කාලසීමාවේදී හඳුනාගත් මුස්ලිම් පල්ලිවලට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ වැඩපිළිවෙලක් සිදුකරන්නැයි පොලිස්පතිවරයා විසින් පළාත් භාර උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ අනුව ආරක්ෂාව වෙනුවෙන් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර යොදවන්න කියන උපදෙස ලබාදීලා තිබෙනවා. ඊට අමතරව අපරාධකරුවන් සිටිනවා නම් ඔවුන් හඳනාගැනීම සඳහා මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් කටයුතු කරන්න කියන උපදෙසත් ලබාදීලා තියෙනවා.

පානදුර ප්‍රදේශයේ පල්ලිවලට විශේෂ ආරක්ෂාවක් ලබාදුන්නා කියන ප්‍රචාරය බොරු ප්‍රචාරයක්. නමුත් අකුරණ සිද්ධිය ගත්තොත්. පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබිලා තිබුණා. අකුරණ නගරයේ පිපිරීමක් සිදුකරනවා කියලා. මෙම තොරතුර ව්‍යාජ එකක් ද? සත්‍ය එකක් ද? කියලා තහවුරු කරගන්නා තුරු එම ස්ථානයට ආරක්ෂාව ලබාදීමේ අවශ්‍යතාවය තිබුණා.ඒ අනුව ඒ ප්‍රදේශය බලන සහකාර පොලිස් අධිකාරීවරයාත් එම ප්‍රදේශයට යොමු කරලා මුස්ලිම් පල්ලිවල පූජකවරුන් සමගත් සාකච්ඡා කරලා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල දියත් කළා. නමුත් දැන් අපිට තේරෙනවා ඒ තොරතුර ව්‍යාජ තොරතුරක් කියලා. ඒ සම්බන්ධයෙනුත් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යාජ තොරතුර දුන් පුද්ගලයා අනාවරණය කරගැනීම සඳහා.”