26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිව්දරු මවක් එළොව යවා රන් භාණ්ඩ පැහැරගෙන

සිව්දරු මවක් එළොව යවා රන් භාණ්ඩ පැහැරගෙන

ළිඳුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ නිවසක සිටි සිව්දරු මවක් ඝාතනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ කරාබු ජෝඩුව පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනය අද (21) පෙරවරුවේ සිදුව ඇති බවයි ළිඳුල පොලීසිය පවසන්නේ.

වෙන්ගඩාසලම් සත්‍යභාමා නැමති 68 හැවිරිදි සිව්දරු මවක් මෙලෙස ඝාතනය කර ඇති අතර අද උදෑසන දියණිය සහ බැණා රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි මිණිබිරියද නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.