27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅවුරුදු මැරතන් තරගයක් අතරතුර 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

අවුරුදු මැරතන් තරගයක් අතරතුර 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

කැකිරාව, පලාගල,  කුඩාහෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක මැරතන් තරගයක් අතර තුර සහභාගී වූ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්කිරියාගම පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ක දරුවෙක් බවයි වාර්තා වන්නේ.

අද (22) පෙරවරුවේ පලාගල – කුඩාහෙටිටියාව ගම්මානයේ පොදු ක්‍රිඩාංගනයේ දී මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අවුරුදු උත්සවයේ මැරතන් තරගයට සහභාගී වූ සිය 15 හැවිරිදි සහෝදරයාගේ සහායට මෙම දස හැවිරිදි දරුවා ද ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී තරගකරුවන් මැරතන් තරගය අඩක් පමණ නිම කර පලාගල ප්‍රදේශයට ළඟාවත්ම තරගකරුවන් සමඟ ගමන් කරමින් සිටි මෙම දරුවා හදිසියේ අසනීප වී තිබෙනවා.

එහිදී ප්‍රදේශවාසීන් විසින් වහාම එම දරුවා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම දරුවා වැඩිදුර හදිසි ප්‍රතිකාර සදහා කැකිරාව රෝහල වෙත මාරු කර යැවීමටයි කටයුතුකර ඇත්තේ.

එම අවස්ථාවේ දී එම දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

මිය ගිය දරුවාගේ සිරුර මේ වනවිට කැකිරාව රෝහලේ තැන්පත් කර ඇති අතර, ගල්කිරියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.