25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට දිනයට වලංගු වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ බස්නාහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ පළාත්වල සහ මොණරාගල, රත්නපුර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සඳහායි.

එම දිස්ත්‍රික් සහ පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ හේතුවෙන් වැඩ බිම් තුල ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුයි.

නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වීම ද අත්‍යවශ්‍ය වනවා. කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතුයි. ඊට අමතරව සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසට ද දැනුම් දෙනවා.