29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනි අවි හැදූ කාර්මික ශිල්පියෙක් පොලිස් අත්අඩංගුවට

ගිනි අවි හැදූ කාර්මික ශිල්පියෙක් පොලිස් අත්අඩංගුවට

නීති විරෝධී ගිනි අවි නිෂ්පදනය කළ කාර්මික ශිල්පියෙකු ඊයේ (21) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.

බුද්ධි අංශවලට ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයා ඉංගිරිය, නම්බපාන, ගම්මාන පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සමඟ ටී 56 ජීව උණ්ඩ 09ක්, නයින් එම්.එම් උණ්ඩ 06ක්, පොයින්ට් 2.2 උණ්ඩ 01ක්, පතුරම් බහාලීම සදහා භාවිත කරන කොපු 01, තලය අගල් 12 දිග සහ තලය අගල් 16 දිග මන්නා පිහි 02 ක් සහ ගිනි අවි සෑදීම සඳහා සකස් කළ බවට අනුමාන කළ හැකි යකඩ බට 03ක් මෙහිදී පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත සැකකරු හොරණ ⁣⁣මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර, ඉංගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.